
ක්රීඩා විෂයට අදාළව පොළව හා සම්බන්ධ වන ග්‍රාමීය හා පාසැල් ක‍්‍රීඩා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන ලෙස ප්‍රබල රාජ්‍ය අමාත්‍යංශයක් හඳුන්වා දීමට නව ආණ්ඩුව පියවර ගෙන ඇත.මෙය පැවරෙන අමාත්‍යවරයා නිරන්තරයෙන් මහජන සම්බන්ධතාවයන් නඩත්තු කිරීමේ සුවිශේෂි හැකියාවකින් යුත් පුද්ගලයෙක් වීම වැදගත්ය.එසේම එම අමාත්‍යවරයාට දේශපාලනික වශයෙන් වඩාත් හිතවාදි මහජන ගණුදෙනුවකට අවශ්‍යය සමීපතාවය ඇති කර ගැනීමට ද එම අමාත්‍ය ධූරය වැදගත් වනු ඇත.
ක්‍රීඩාව හරහා සමාජයට සේවය සැළසිය හැකි වෘත්තිමය ශ්‍රම බලකාය මෙන්ම එය අවශ්‍යයතාවය අනුව පුළුල් කිරීමේ වගකීම මෙන්ම ක්‍රීඩාව කෙරෙහි ජනතාව නැඹුරු කිරිමේ ආකර්ශණීය ව්‍යාපෘති නිර්මාණය ද ග්‍රාමීය හා පාසැල් ක‍්‍රීඩා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන අමාත්‍යංශය වෙත පැවරී ඇත.ඒ අතරින් තරුණ සේවා සභාවද සම්බන්ධ වන යෞවන ක්‍රීඩා වැනි විෂය පථයක් හරහා රජයේ ක්‍රීඩාවේ මුඛ්‍ය අදහස ගම්‍ය වන පරිදි “ජවසම්පන්න පරපුරක් බිහිකිරීම” සඳහා වන ව්‍යාපෘති ගෙන ඒම සඳහා මෙම අමාත්‍යංශයට වැඩි කාර්යභාරයක් කිරීමට හැකි වනු ඇත.
ග්‍රාමීය මට්ටමට විකාශය වන ක්‍රීඩාවන් පිළිබඳව මෙන්ම පාසල් පද්ධතිය කෙරෙහි නැඹුරු වන ක්‍රීඩාවන් ද මේ මොහොත වන විට මේ පොළවට අවශ්‍යය එමෙන්ම ප්‍රායෝගිකව වචනවලින් ඔබ්බට ගමන් නොකළ විෂය කරුණුය.ඒවා ජනප්‍රිය අවශ්‍යයතා තරමටම ඒවා හරහා දේශපාලන නායකත්වයට ජනප්‍රිය වීමට සක්ස කරන ඉඩ පහසුකම් ද නොසළකා හැරිය නොහැකිය.
නමුත් මේ නිර්මාණාත්මකව සමාජය වෙත අලුත් බලපෑමක් කරන්නට හැකියාව ඇති අමාත්‍යංශයක් හරහා සමාජයට රටට දැනෙන සේවයක් කිරීමට නම් ග්‍රාමීය හා පාසැල් ක‍්‍රීඩා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාට සහ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයාට ද සුවිශේෂි සහ සුවිසාල ඉදිරි පියවරක් සඳහා වන තීන්දුවක් ගත යුතුව ඇත.ඒ දැනට තමන්ට ඇති ජාතික වගකීම මෙහෙයවන්නට සිටින නිලධාරී අවශ්‍යයතාවය අනුව වෙනස් කිරීමට හැකි පරිදි ක්‍රීඩා අමාත්‍යංශයට සහ පළාත් ක්‍රීඩා අමාත්‍යංශවලට අදාළ නිලධාරීන්ට අමාත්‍යංශයෙන් පළාත් සේවයට හෝ පළාත් සේවයෙන් අමාත්‍යංශ සේවයට හෝ පැමිණිමට නොහැකි වන ලෙස පැනවි තිබෙන නීතිමය බාධකය ඉවත් කළ යුතුව ඇත.
පළාත් ක්‍රීඩා සේවය සහ ජාතික ක්‍රීඩා සේවය යනුවෙන් සේවා දෙකක් වෙනුවට ජාතික ක්‍රීඩා සේවාවක් ස්ථාපිත කරමින් රටේ ක්‍රීඩාවට වෘත්තීයක් ලෙස සමබන්ධව සිටින සියලුම වෘත්තිකයන්ට ජාතික තලයේ වගකීම් ලැබෙන සේ සහ වෘත්තීයට තරඟකාරී අභියෝගයක් නිර්මාණය කළ යුතුව ඇත.
කෙසේ නව තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයාට මෙන්ම නව ග්‍රාමීය හා පාසැල් ක‍්‍රීඩා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාටද අපි සුබ පතමු.යහපත් වෙනසක් ක්‍රීඩාව තුළින් සමාජයට හඳුන්වා දී ජවසම්පන්න පරපුරක් බිහිකිරීම සඳහා වන මැදිහත් වීමේදී බුද්ධිමත් මැදිහත්වීමක් කරමින් අවශ්‍යය සංශෝධනයන් සිදු කරමින් සහ නව ප්‍රවනතා ක්‍රීඩාවට මුසු කරමින් කටයුතු කරන්නට අපි ඒ දෙදෙනාටම යහපත් විවේචනයන් සමඟ දායකත්වය දක්වන බව පවසමු.!