
චීනයේ මහජන විමුක්ති හමුදාවේ 74 වන හමුදා කණ්ඩායමේ සෙබළුන් දකුණුදිග චීනයේදී මුහුදේ සිට ගොඩබිමට ගොඩබැසීමේ මෙහෙයුම් පිළිබඳ යුධ අභ්‍යාසයක් සිදුකළ බව එරට මාධ්‍ය වාර්තා කළා.
මෙහිදී මහජන විමුක්ති හමුදා රොකට් බලකාය ද ගොඩබසින හමුදාවට සහය දෙන අයුරු පුහුණු වුණා.
මෙම යුධ අභ්‍යාස තායිවානය ඉලක්ක කරගෙන සිදුවන්නේ ද යන්න පිළිබඳ සැක මතුව තිබෙනවා. විශේෂයෙන්ම ඊට හේතු වූයේ තායිවානයට අයත් කුඩා දිවයින් කිහිපයක් අල්ලාගැනීම උදෙසා මෙම මෙහෙයුම්වලදී ලැබෙන පුහුණුව යොදාගැනීමේ ඉඩක් ඇතැයි යන රාවයක් ජපන් මාධ්‍යවල පළවීමත් සමගයි.
එහෙත් චීනය එම රාවයන් අසත්‍යය ලෙස සලකා ප්‍රතික්ෂේප කරනවා.