වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ මාධ්‍ය සාකච්ඡාවට බාධා

ධවල මන්දිරය අසළ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය සාකච්ඡාවකට ස්වල්ප වෙලාවක බාධා කිරීමක් සිදුවුණා.
පිටතින් ඇසුණ වෙඩි ශබ්දය සමග ඇමරිකානු රහස් ඔත්තු සේවයේ (United States Secret Service) නිලධාරීන් විසින් ධවල මන්දිරය ලොක් ඩවුන් කර ට්‍රම්ප්ව ද ඔහුගේ කාර්යාලයට රැගෙන ගියා.


කෙසේ වෙතත් ස්වල්ප වෙලාවකට පසු ට්‍රම්ප් නැවත මාධ්‍ය ශාලාවට පැමිණියා. “මම බය වුණා වගේ දුටුවාද?” ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියා.
රහස් ඔත්තු සේවයේ නිලධාරියෙක් ධවල මන්දිරය අසළ දී සැකකරුවකුට වෙඩි තැබීමක් සිදුකළ බවයි පසුව වාර්තා වුණේ. සැකකරුවකු හා තම නිලධාරියකු රෝහල්ගත කළ බව USSS නිවේදනය කළා.

Recommended For You

About the Author: Editor