ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ගැසට් කර නමකට විරෝධතාවක්!

මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 19 අතරේ තිබෙන උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් එම මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට අලුත්ගම ඉන්දරත්න හිමියන් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා.ඒ සඳහා හේතුව ලෙස දක්වන්නේ සුරේෂ් රාඝවන් කැනේඩියානු පුරවැසි භාවය හිමි ද්විත්ව පුරවැසියෙක් ලෙස උන් වහන්සේ සතුව ඇති තොරතුරුයි.


දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් ගබා දී ඇත්තේ පොදු ජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය යන පක්ෂ පමණක් වන අතර සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තවමත් ජාතික ලැයිස්තු මංත්‍රී ධූර සඳහා නම් ලබා දි නැහැ.අපේ ජනබල පක්ෂය අපේක්ෂත්වය සඳහා නම් ලබා දී ඇතත් එහි ලේකම් හිමි ලබා දී ඇත්තේ පක්ෂයේ තීරණය නොවන බවට එම පක්ෂය විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා.
දනට ඒ ඒ පක්ෂ නම් කරන ලද ජාතික අපේක්ෂක මන්ත්‍රී ධූර පහතින් දැක්වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1.මහාචාර්ය ජී. එල්. පීරිස්
2.නීතිඥ සාගර කාරියවසම්
3.අජිත් නිවාඩ් කබ්රාල්
4.ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
5.ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
6.විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක

7.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
8.මහාචාර්ය චරිත හේරත්
9.ගෙවිඳු කුමාරතුංග
10.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල්
11.මහාචාර්ය තිස්ස විතාරණ
12.ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන
13.ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
14.ව්‍යාපාරික ටිරාන් අලස්
15.විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
16.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
17.මොහොමඩ් ෆලීල් මර්ජාන්
ඉලංගෙයි තමිල් අරසු කච්චි
1.තවරාජ කලෙයිඅරසන්
අහිල ඉලංගෙයි තමිල් අරසු කොංග්‍රසය
1.සෙල්වරාසා ගජෙන්ද්‍රන්

Recommended For You

About the Author: Editor