
ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයත්, ශ්‍රී ලංකා සවි එසැවීමේ සම්මේලනයත් නිවරණය පැවත්වෙන තෙක් එහි කටයුතු පවත්වාගෙන යාමේ බලධාරියා ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාට බලතල පවරා ඇත.එසේම එම සම්මේලනවල නිලවරණ පැවත්වීම සහ නිලවරණ කැදවීමේ බලධාරියා වන්නේද ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාය.
අංක 2187/25 අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ක්‍රීඩා අමාත්‍යවරයා 2019 – 03 -07 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 යන වගන්ති ප්‍රකාරව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මෙම ගැසට් නිවේදනයත් සමඟ අවලංගු වනු ඇත