බෙලරූස් උද්ඝෝෂණ දිගටම, විරුද්ධ පක්ෂ අපේක්ෂිකාව ලිතුවේනියාවේ

බෙලරූස් ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව කෙරෙන උද්ඝෝෂණ දිගටම පැවැත්වෙන අතර එරට ප්‍රධාන විපක්ෂ අපේක්ෂිකා ස්වෙත්ලානා ටිහනොව්ස්කායා ලිතුවේනියාවේ සුරක්ෂිතව සිටින බව ලිතුවේනියා විදේශ අමාත්‍යවරයා පවසා සිටියා.

පසුගිය ඉරිදා පවත්වන ලද ජනාධිපතිවරණයේ දී එරට ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ සියයට 80 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ජයගෙන ඇතැයි මූලික ප්‍රතිඵල කියා සිටියා. එහෙත් මෙම සංඛ්‍යාලේඛණ ව්‍යාජ බව කියා සිටිමින් රජයට එරෙහි පිරිස් එදින රාත්‍රියේ සිටම වීදි බැස සිටිනවා. ඊයේ රාත්‍රියේද ඔවුන් හා පොලිසිය අතර ගැටුම් ඇතිවුණා.

ලුකාශෙන්කෝ කියා සිටින්නේ තමන්ට එරෙහි විරෝධතා විදේශයන් වෙතින් මෙහෙයවන බවයි.

1994 සිට බෙලරූස් පාලනය කරන ලුකාශෙන්කෝ ඇතැම් විචාරකයන් විසින් “යුරෝපයේ අවසන් ඒකාධිපතියා” ලෙස ද හඳුන්වනු ලබනවා.

Recommended For You

About the Author: Editor