අපේ ජනබල පක්ෂයෙන් මැතිවරණ කොමිසමට ලිපි තුනක් – මහින්ද දේශප්‍රිය

දෙරණ රූපවාහිණිය මඟින් විකාශය වන බිග් ෆෝකස් විශේෂාංගයට ඉදිරිපත් වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය,අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මංත්‍රී ධූරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම පක්ෂයෙන් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ලිපි තුනක් මැතිවරණ කොමිසමට ලැබි ඇති බවය.

ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන්ගේ ලිපි වලංගු නොවන බවට එම පක්ෂයේ සභාපතිවරයා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ලිපි දෙකක් මැතිවරණ කොමිසමට ලබා දී ඇති බවත්,තෙවන ලිපිය යොමු කර ඇත්තෙ එහි මහා ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් බවත් මෙහිදි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිළි කළේය.

තවමත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තව දුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ද මෙහිදී මහින්ද දේශප්‍රිය සභාපතිවරයා පැහැදිීල කළේය.

Recommended For You

About the Author: Editor