බයිඩන් ධුර කාලය නිමා නොකරනු ඇතැයි වැඩි දෙනෙක් කියති

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණය ජය ගත්තත් ඔහු සිය වසර හතරක ධුර කාලය නිම නොකරනු ඇතැයි මෑතකදී කළ සමීක්ෂණයක් ඔඑන්වා දෙනවා.

ඡන්දදායකයින් 1000 ක් දෙනාගේ නියැදියකින් දුරකථනය ඔස්සේ මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ රස්මුසෙන් රිපෝර්ට්ස් ආයතනයයි. එහි ප්‍රතිඵල අනුව සියයට 59 ක් දෙනා බයිඩන් ධුර කාලය සම්පූර්ණ නොකරනු ඇතැයි කියා සිටියා. සියයට 39ක් ඒ සඳහා ඉතා වැඩි ඉඩක් ඇතැයි කියා සිටියා. සියයට 35 ක් දෙනා බයිඩන් ධුර කාලය සම්පූර්ණ කරනු ඇතයි විශ්වාසය පළ කළා.

යම් හෙයකින් බයිඩන් ධුර කාලය සම්පූර්ණ නොකළොත් ඔහුගේ උප ජනාධිපති විසින් එම ධුර කාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතුයි. මේ වනවිටද තම උප ජනාධිපති අපේක්ෂක සගයා වන්නේ කාන්තාවක බව බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් සියයට පනහකට මදක් වැඩි ඡන්ද දායකයින් පිරිසක් පවසා තිබුණේ උප ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුණත් තමන් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය දෙන බවයි.

මේ අතර ඡන්ද දායකයින් අතුරින් සියයට 38 ක් බයිඩන්ට යම් කිසි ආකාරයේ ඩිමෙන්ෂියා තත්ත්වයක් ඇතැයි විශ්වාසය පළ කළා. සියයට 61 ක් දෙනා කියා සිටියේ මෙම සැකය පිළිබඳ ඔහු කඩිනමින් ප්‍රසිද්ධ පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි. ඔහුට යම් යම් දේ අමතක වන ස්වභාවයක් පෙනී යාම මෙම සැකයට හේතුවයි. ඩිමෙන්ෂියාවෙන් පෙළෙන්නන්ගේ මතක ශක්තිය, සිතීමේ ශක්තිය සහ එදිනෙදා කටයුතු කරගැනීමේ හැකියාව දුර්වල වනවා.

හිටපු උප ජනාධිපතිවරයකු ද වන ජෝ බයිඩන් දැනට 77 වන වියෙහි පසු වනවා.

Recommended For You

About the Author: Editor