
එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂය නැවත ස්මපූර්ණයෙන් ප්‍රතිසංවිධානය කර ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි.
ඊයේ (අගෝස්තු 10) පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ පැහැදිළි කර ඇත්තේ නව නායකත්වයක අවශ්යයතාවය ය.එසේම ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ කන්ඩායම් සමඟ සාකච්ඡා කර ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒ බව දැණුම් දෙන ලෙස ද දැන් වූ එම නිවේදනය පෙන්වා දෙයි.