බස්නාහිර පළාතෙන් මත් ද්‍රව්‍ය සහ නීති විරෝධි මත්පැන් සැක කරුවන් 417

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනගේ අත්සනින් නිකුත් වූ නිවේදනයකින් දැක්වෙන්නේ ජූලි 10 වන දින පෙරවරු 6.00 සිට අද (අගෝස්තු 11) පෙරවරු 5.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ කරන ලද වැටලීම්වලදී මත් දුව්‍ය භාවිතය විකිණීම මෙන්ම තහනම් මත්පැන් සම්බන්ධයෙන් වන වැරදිවලට 417 දෙනෙක් අත් අඩංගුවට ගත් බවය.

එම වැටලීම්වලදී අතු අඩංගුවට ගත් පුද්ගලයන් සමඟ හෙරොයින්,ගංජා,අයිස් වැනි මත් දුව්‍යයද,නීති විරෝධි මත්පැන් සහ ඒ ආකාරයට මත්පැන් පෙරීමට ගන්නා ගෝඩාද අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

පහත දැක්වෙන්නේ එම නිවේදනයේ දැක්වෙන පරිදි අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොටසක්ය.

Recommended For You

About the Author: Editor