
ලාංකේය මලල ක්‍රීඩාව සඳහා දෙවසරක කාලයකට රුපියල් ලක්ෂ 100 ක් පිරිනැමීමට ඥානම් පදනම ඉදිරිපත් වී ඇත.ඒ සම්බන්ධයෙන් අනුග්‍රාහක චෙක්පත පිරිනැමීම සහ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම ඊයේ (අගොස්තු 11 දා) කොළඹ රාමඩා හෝටලයේදී සිදු විය.
අදාළ අනුග්‍රාහක චෙක්පත පිරිනැමීම ඥානම් පදනමේ අධ්යක්ෂ ඒ.එච්.ජයසීලන් අතින් සහ එම පදනමේ ප්‍රධාන විධායක සුදේව හෙට්ටිආරච්චි අතින් සිදු විය.එම චෙක්පත භාර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් එහි සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු,ලේකම් ප්‍රේමා පින්නවල සහ භාණ්ඩාගාරික ශාන්ත දී සිල්වා එක් වී සිටියහ.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම අනුග්‍රාහක චෙක්පත පිරිනැමුණු අවස්ථාවයි. එම අවස්ථාවට එක් වූ ශාන්ත ද සිල්වා,ඒ.එච්.ජයසීලන්,මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු,සුදේව හෙට්ටිආරච්චි සහ පේමා පින්නවල ඡායාරූපයේ වමේ සිට වෙති.