
කැබිනට් අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සම්බන්ධයෙන් බළ කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයෙන් මේ දක්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ යටතේ පාලනය වූ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යා ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවන රාජ්‍ය අමාත්‍යංශය වන අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා ඇත.
සුරක්ෂිත රටක් යන තේමාව යටතේ ආරක්ෂක අමාත්‍යවරයා යටතේ එම රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.සිවිල් සමාජයේ බොහෝදෛනික අවශ්‍යයතා වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන බවට ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරනය ආරක්ෂක අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යංශය යටතට ගැසට් නිවේදනයකින් නම් කර ඇත්තේ මෙහිදී ය.
ඒ අනුව ආරක්ෂක අංමාත්‍යංශය යටතේ පවතින ප්‍රාදේශීය ලේක්ම් කාර්යාලවල සේවයට අදාළ බොහෝ කරුණු අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතට පත් කර තිබේ.පහත දැක්වෙන්නේ එම ගැසට් නිවේදනයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශය පවරා ඇති බවට පළ කර තිබෙන ගැසට් නිවේදනයේ ඒ සම්බන්ධ තොරුතුරු ඉදිරිපත් වි තිබෙන ආකාරය ය.