රුසියාව කෝවිඩ්-19 එන්නත හදන හැටි (වීඩියෝ)


රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කෝවිඩ්-19 වයිරසයට එරෙහි එන්නතක් අනුමත කළ බව ව්ලදිමීර් පුටින් අද පැවසුවා.

මෙම එන්නත නිපදවන ආකාරය දැක්වෙන දර්ශන ඇතුලත් වීඩියෝවක් එරට ස්පුත්නික් මාධ්‍ය ජාලය විසින් නිකුත් කර තිබෙනවා. රුසියාවේ ගමලෙයා වසංගත රෝග හා ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනය විසින් නිපදවන ලද මෙම එන්නත බුර්දෙන්කෝ හමුදා ශික්ෂණ රෝහලේදී හා සෙචෙනෝෆ් පළමු මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයේදී මානව පරීක්ෂණයන්ට භාජනය කෙරුණා.

ජූනි 18 වනදා 38 දෙනකුගෙන් පරීක්ෂණ ඇරඹි අතර එම සියල්ලන්ටම කෝවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ගොඩනැගුණ බව පැවසෙනවා.

Recommended For You

About the Author: Editor