
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවේ පසුවන දෙමල මහජන විමුක්ති කොටි හෙවත් ටි. එම්. වි. පි. පක්ෂයේ නායක සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද මඟුල් මඩුවේදී සිදුවන නව අමාත්‍යවරුන්ගේ දිව්රුම් දීමට විශේෂ අවසරයක් මත සහභාගි වනු ඇති බවත් එහිදී ඔහුට රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දීමට අවස්ථාව හිමිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.නමුත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විටත් ඔහුව ඒ සඳහා සහභාගි කරවීම සඳහා නීත්‍යාණුකූල දැනුම් දීමක් ලැබී නොමැති බවයි.
ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අමාත්‍ය ධුරයක් ලබා දෙන බවට එතඟතාවයක් ඇති වී තිබෙන බව මැතිවරණයට පෙර සිටිම පිල්ලෙයාන් පාර්ශවයේ තොරතුරු උපුටා දක්වමින් මාධය වාර්තා කර තිබුණු අතර එය බොහෝ විට කැබිනට් අමාත්‍ය ධූරයක් නොවනු ඇති බව මේ වන විට ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එල්ටීටීඊ සංවිධානයේ හිටපු සටන්කරුවකු වන පිල්ලෙයාන්, තවත් එල්ටීටීඊ සටන් නායකයෙකුව සිටි විනයාගමූර්ති මුරලිදරන් වෙත් කරුණා අම්මාන් සමග 2004 අප්‍රේල් මාසයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වූ අතර පසුව කරුණා අම්මාන්ගේ නායකත්වය යටතේ තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂය පිහිටුවා ගනිමින් දේශලාලනයට පිවිසි පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ මහ ඇමති ධූරයද දැරීය.
තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ අභ්‍යන්තර අර්බූදයක් හේතුවෙන් කරුනා අම්මාන් ඉවත් කර එම පක්ෂයේ නායකත්වය පත් වන පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසට පත්වෙන්නේ 2008 වසරේදී ය.
ඔහු එල්ටීටීඊ සංවිධානය සමඟ එක් වන්නේ වයස අවුරුදු 14 ක් ව තිබියදී ළමා සොල්දාඳුවෙක් ලෙසය.එල්ටිටීඊ සංවිධානයේදී ඔහුට පිල්ලෙයාන් යන නම පට බැඳෙන අතර එහි අරුත “රණ තරුව” යන්නයි.ඔහුට කොටි සංවිදානයට සිය සේවය සපයන්නට වන්නේ එවකට එල්ටිටීඊ සංවිධානයේ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික් නායකයෙක්ව සිටි,එල්ටීටීඊ සන්නද්ධ අංශයේ කර්නල්වරයෙක් ලෙස කටයුතු කළ කරුණා අම්මාන් යටතේයි.