හෙරොයින් සහ මුදල් සමඟ කතක් අත් අඩංගුවට

පිලියන්දල පොලිසිය මගින් ඊයේ (අගෝස්තු 11) කළ වැටලීමකදී,වේරහැර ප්‍රදේශයේදී හෙරොයින් මිලි ග්‍රෑම්1600 ක් සමඟ 39 හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


ඇය ළඟ තිබී හෙරොයින් විකිණීමෙන් ලබාගත් ආදායම විදියට විදියට 145000 මුදලක් ද,ජංගම දුරකථන හයක් ද,හෙරොයින් ප්‍රවාහනය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙම වැටලීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ගේ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය ගේ නියෝගය මත ගල්කිස්ස කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත. පිලියන්දල පොලිසිය පොලිසියේ ස්ථානාධිපති සනත් රංජිත්ගේ යටතේ වන පොලිස් කණ්ඩායමක් සිදු කර ඇත්තේ ගල්කිස්ස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මෙහයවීම යටතේය.

Recommended For You

About the Author: Editor