පාස්කු ප්‍රහාර විමර්ශන කමිටුව හමුවට රනිල්ට,රුවන්ට සහ සාගලට කැදවීම්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එළඹෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටත්, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනටත් සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකටත් දැණුම් දී තිබෙනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක එළඹෙන 21 වනදා ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටීමට නියමිතයි.හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ එළැඹෙන 18 වන දිනයි.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පළමුවරට ලැබුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඊයේත් (අගෝස්තු 11) විමර්ශන කොමිසම හමුනේ සාක්සි ලබා දුන් අතර ඒ අටවන දිනටයි.ඔහු විසින් සාක්ෂි ලබා දීම මාධ්‍යයට විවෘත නොකිරීමට කටයුතු කර තිබුණා

Recommended For You

About the Author: Editor