සභාපති කුසලාන පාපන්දු තරඟාවලිය පොලිස්,ඩිෆෙන්ඩර්ස්,රෙඩ් ස්ටාර්,බ්ලූ ඊගල්ස් සහ කොළඹ පාපන්දු ලීගයට ජයග්‍රහණ

සභාපති කුසලාන පාපන්දු තරඟාවලියේ පෙරේදා (අගෝස්තු 10) සහඊයේ (අගොස්තු 11) තරඟවලදී පොලිස් ,ඩිෆෙන්ඩර්ස්,රෙඩ් ස්ටාර්,බ්ල ඊගල්ස් සහ කොළඹ පාපන්දු ලීගය යන කණ්ඩායම් ජය වාර්තා කර අතර සීහෝක්ස් සහ සෙරන්ඩිබ් කණ්ඩායම් අතර තරඟය නිමා වූයේ ජය පැරදුමෙන් තොරවය.
පොලිස් කණ්ඩායම රත්නම් කන්ඩායමට එරෙහිව ගෝල 4 – 2 ක් ලෙස ජය වාර්තා කළේ,තුරග තරඟ පිටියේදී ය.තුරඟ තරග පිටියේදි ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම විසින් සුපර්සන් කණ්ඩායම පරාජය කළේ ගෝල 4-1 ක් ලෙසය.3- 3 ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා වූ සී හෝක්ස් සහ සෙරන්ඩිබ් තරඟය සුගතදාස පිටියේ පැවති අතර තුරග තරග පිටියේ පැවති රෙඩ් ස්ටාර් සහ සෝන්ඩර්ස් තරඟය 2 – 1 ක් ලෙස රේඩ් ස්ටාර් කණ්ඩායමට ජය ගෙන දෙමින් නිමාවට පත් විය.
ඊයේ (අගෝස්තු 11) පැවති තරගවලදී බ්ලූ ඊගල්ස් කණ්ඩායම ක්‍රිස්ටල් පැලස් කන්ඩායම පරාජයට පත් කළේ 2 – 1 ලෙසය.3- 0 ක් ලෙස කොළඹ පාපන්දු ලීගය ඊයේ දිනයේජයග්‍රාහකයන් අතරට පැමිණියේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පරාජය කරමින්ය.
රත්නම් කණ්ඩායමට එරෙහිව පොලිස් කණ්ඩායම වාර්තා කළ ගෝල හතර එස්.ප්‍රබුද්ධ,ඩබ්ලිව්.චතුර,එම් සුෆේක් සහ ආර් මොහොමඩ් විසින් වාර්තා ක‍ළේ පිළිවෙලින් තරඟයේ 14,24,38 සහ 69 වැනි විනාඩිවලදී ය.පොලිස් කණ්ඩායමට එරෙහිව රත්නම් කණ්ඩායමේ විදේශිය ක්‍රීඩක කේ.ඩී.ලොබොග්නන් 9 වැනි විනාඩියේදී ත්,කුමාර් ශාන්තන් 79 වන විනාඩියේදීත් ගෝල වාර්තා කරන්නට සමත් විය.


ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම,සුපර් සන් කණ්ඩායමට එරෙහිව 21,29,47 සහ 75 වැනි විනාඩියන් හී දී ගෝල වාර්තා කළ අතර ඒ සඳහා පිළිවෙලින් ඒ.රහුමාන්,එච්.ඩී.එම්.සිල්වා,එම්.ඕ.ෆ්‍රෑන්ක් සහ ආර්.එස්.රාජවසම් දායක වූහ.සුපර්සන් කණ්ඩායමවෙනුවෙන් වාර්තා වූ ගෝලය එම්.සී.මිචෙල් විසින් තරඟයේ අවසානය පෙනී පෙනී 90 වන විනාඩියේදි වාර්තා කිරීමට සමත් විය.


සෝන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයට රෙඩ් ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් ඉස්මයිලා අමුම්බ්රේ 41 වන විනාඩියේදී සහ 70 වන විනාඩියේදී බසීත් අමීර් ගෝල වාර්තා කළහ.සෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය එස්.නිරේෂ් විසින් වාර්තා කළේ තරඟයේ 50 වන මිනිත්තුවේ දී ය.
පෙරේදා දවසේ තීරණයක් නොලද එකම තරඟය වූ සී හෝක්ස් සහ සෙරන්ඩිබ් කණ්ඩායම් අතර වූ තරගයේදී සී හෝක්ස් ක්‍රීඩකයෝ තරඟයේ 53 වන විනාඩිය පසු කරන විට ගෝල 3 – 1 ක් ලෙස ඉදිරියක් තබා ගැනීමට සමත්ව සිටියහ.ඒ වන විට එම කණ්ඩායම වෙනුවෙන් 53 වන විනාඩියේදි ගෝලයක් රැස් කළ එම්.එ.එම්.අස්මීර් 25 වන විනාඩියේදී ත් ගෝලයක් ලබා දි තිබිණ.තරඟයේ 46 වන විනාඩියේදි එම්.එන්.එම්.මීරා සීහෝක්ස් කණ්ඩායමේ ඉතිරි ගෝලය වාර්තා කර තිබිණ.සෙරන්ඩිබ් කණ්ඩායම වෙනුවෙන් ඊ.අසන්තේ 27 වන සහ 62 වන විනාඩිවලදී ගෝල වාර්තා කරන්නට සමත් විය.තරගය ජය පැරදු‍මෙන් තොරව නිමා කර ගැනීමට අවශ්‍යය තීරණාත්මක ගෝලය 90 වන විනාඩියේදි වාර්තා වූයේ එම්.සෙෆාන් අතින් ය.
බ්ලූ ඊගල්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා මඟ පෑඳූ ගෝල ලකුණු 2 වාර්තා කරන්නට සමත් වූයේ කවිඳු ඉෂාන් 16 වන විනාඩියේදී සහ නෙත්ම මල්ෂාන් 60 වන මිනිත්තුවේදීය.පරාජිත ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය 40 වන විනාඩියේදි එම්.ටී.එම්.සායිද් විසින් වාර්තා කළේය.කොළඹ පාපන්දු ලීගයට තරඟයේ මුල් අර්ධයේ තරඟයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල කණ්ඩායම සමත් වුව ද,කොළඹ ලීගය වෙනුවෙන් තරගයේ 51 වන විනාඩියේදී එෆ්.මෝමස් වාර්තා කළ ගෝලයත් සමඟ තරඟය ගමනා ගමන මණ්ඩල පිල වෙතින් ගිලිහි ගියේය.ඒ අනුව 63 සහ 70 වන විනාඩිවලදී ද කොළඹ ලීගය වෙනුවෙන් ගෝල රැස් කරන්නට පිළිවෙලින් එම් ෆසාල්ට සහ ඉසෙඩ්.ජොහාර් ට හැකි විය.


අද දවසේ පස්වරු 6.30 ට සුගතදාස ක්‍රීඩාංගණයේදී මොරගස්මුල්ල සහ අප් කන්ට්‍රි කණ්ඩායම් තරඟ බිමට පිවිසෙන අතර එම ක්‍රීඩාංගණයේදී පස්වරු 3.30 ට තරඟ වදින්නේ නිව් ස්ටාර් කණ්ඩායම සහ මාතර සිටි කණ්ඩායම්ය.තුරග තරග පිටියේදි පස්වරු 3.30 ට පොලිස් කන්ඩායම සහ ස හෝක්ස් කණ්ඩායම් තරග බිමට පිවිසෙන්නට නියමිතය.පස්වරු 6.30 ට පැවත්වෙන තරඟය සඳහා මුහුණ දෙන්නේ ජාවාලේන් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් ය.
තරඟ සඳහා ප්‍රෙක්ෂකයන් සහභාගි නොවන අතර පාපන්දු සම්මේලනය විසින් එය නිවසේ සිට සජීවී ව නැරඹීම සඳහා ලබා දී තිබෙන අන්තර් ජාල සබඳතාවය පහතින් දැක්වේ.
https://www.youtube.com/c/SriLankaFootballTV

Recommended For You

About the Author: Editor