
අපේ ජන බල පක්‍ෂයේ මන්ත්‍රී ධූරයට තමාවම නම් කරගත්තේ රතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා බව එම පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති.දිගටම තමන්ට තියාගැනීමට නොව ඥානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට ඉදිරියේදී මන්ත්‍රී ධූරය පූජා කිරීමේ බලාපොරොත්තුව ඇතිව එම තීරණය ගත් බව පෙන්වා දෙන උන් වහන්සේ,මේ මොහොතේ මන්ත්‍රීධුරය වෙනත් පක්ෂයකට යෑම සඳහා ඇති කුමන්ත්‍රණය පරාජය කිරීමට තමන් කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටිති.එය වලගම්බා දුටුගැමුණු ආදී රජවරුන් මෙන්ම රට දැය සමය රැක ගැනීමට බව ද උන් වහන්සේ ගත් තීන්දුවක් බවද විමගතිස්ස හිමියෝ පවසති.
නමුත් මැතිවරණ කොමිසම විසින් අපේ ජනබල පක්ෂයට යොමු කරන ලද ලිපියකින් පෙන්වා දෙන්නේ පක්ෂ ලේකම්වරයා පමණක් නොව සභාපතිවරයාද මන්ත්‍රීකම තමන්ට ලබා ගැනීමට උත්සාහ කරන තිබෙන බවය.එම ලිපියෙන් අනාවරණය වෙන්නේ පක්ෂ ලේකම් ධූරයෙන් විමලතිස්ස හිමියන් ඉවත් කර නිශාන්ත රත්නායක නම් අයෙක් පත් කළ බව මැතිවරණ කොමිසමට දැණුම් දෙන පක්ෂ සභාපති සමන් පෙරේරා,එම මන්ත්‍රී ධූරයට තමන්ව පත් කරවා ගැනීම සඳහා නිශාන්ත රත්නායක යොදාගෙන මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇති බවය.
විමලතිස්ස හිමියන්ගේ නමට අපේ ජනබල පක්ෂයට යොමු කරමින් මැතිවරණ කොමිසම් සභාපතිගේ අත්සනින් යවන ලද ලිපිය මෙහි දැක්වේ.