විස්ස කල් ගියාට විසි එකටත් විස්සම

මේ වසරේ චීනයේ පැවත්වීමට නියමිතව තිබූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල 2021 වසර දක්වා කල් දැමුවද,එම තරඟාවලියට යෙදූ “සන්යා 2020” යන නම ඒ ආකාරයෙන්ම භාවිතා කරන්නට තීරණය කරන තිබෙන බව තරඟ උළෙල සංවිධායකයෝ පවසති.


තරගාවලිය මේ වසරේ නොවැම්බර් 28 සිට දෙසැම්බර් 8 දක්වා පැවත්වීමට නියමිතව තිබිණ.නමුත් කොවිඩ් 19 තත්ත්වය තුළ එය 2021 අප්‍රේල් මස 02 දා සිට 10 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් අදහස් දක්වන සත්කාරක චීනය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නිලධාරීන්ටත්,ප්‍රෙක්ෂකයන්ටත් කොවිඩ් 19 සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක සහතිකයක් ලබා දී ඇත.


මෙම තරඟවලියට සහභාගි වන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් ඛන්ඩායම් සහ වෙරළ කබඩි කණ්ඩායම් දැනටමත් සංචිත ගත කිරීම සඳහා තේරීම් පවත්වමින් ඇත.

Recommended For You

About the Author: Editor