
යාපනය බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්නගේ ආරාධනයකට අනුව එම බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මේ වන විට බන්ධනාගාරය මත්ද්‍රව්‍ය වලින් තොර කළාපයක් කරන්නට එහි පරිපාලනය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙන්ම රැඳවියන් වෙනුවෙන් පවත්වන පුනරුත්ථාපන වැඩ සටහන් කෙරෙහිද ප්‍රසාදය පළ කර ඇති බව යාපනයේ පළවන උදයන් පුවත්පත වාර්තා කර ඇත.
යාපනයේ පමණක් නොව ශ්‍රී ලංකා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ද කීර්තිමත් පුද්ගලයෙක් මෙන්ම දක්ෂ පරිපාලකයෙක් ද වන සත්‍යමූර්ති මහතා මේ අදහස් පළ කර ඇත්තේ යාපනය බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවේදි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ රැඳවියන් මුණගැසි ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුවය.එසේම බන්ධනාගාරයෙන් නිකම යාම සම්බන්ධයෙන් සිය අදහස් පළ කර ඇති වෛද්‍ය ටී.සත්‍යමූර්ති බන්ධනාගාරය තුලදි ඇති කර ගන්නා ලද ශික්ෂණය බන්ධනාගාරයෙන් නික්ම යාමෙන් පසුව ද එලෙසම පවත්වාගෙන යාමේ වැදගත්කම හා ඒ සඳහා වන පසුවිපරම් වැඩ සටහන් හි වැදගත්කම කෙරෙහි ද අවධානය යොමු විය යුතුව ඇතැයි පෙන්වා දී ඇත.
එමෙන්ම යාපනය ප්‍රදේශයේ විනාශකාරි උවදුරක්ව පවතින මත් ද්‍රවය භාවිතයෙන් තරුණ පරපුර බේරා ගැනිම සදහා බන්ධනාගාරය තුල සිදුකරන පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යාපනය ශික්ෂණ රෝහල ලෙස සිය උපරිම සහයෝගය ලබා දෙන බවට ද වෛද්‍යවරයා මෙහිදි අදහස් දක්වා ඇත.