
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා නම් කළා.
මේ අනුව එම ස්ථානය හිමිව ඇත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තය නියෝජනය කරන සෙනට් සභික කමලා හැරිස්ටයි.
බයිඩන් මෙම ස්ථානය සඳහා කළු ජාතික කාන්තාවක පත්කරන බව ප්‍රකාශ වී තිබුණා. හැරිස්ට අමතරව සූසන් රයිස් ආදී කිහිප දෙනකුම ඔහු සලකා බැලූ බව වාර්තා වුණා. කෙසේ වෙතත් මේ අපේක්ෂකත්වයට කමලා හැරිස් තෝරාගැනීමට වැඩි ඉඩක් ඇති බව මීට පෙර ද වාර්තා වී තිබුණා.
කමලා හැරිස් ද මෙවර ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ නාමයෝජනා දිනාගැනීමට තරග කළ නමුත් එම උත්සාහය අසාර්ථක වන බව පෙනී අතරමගදී ඇය එම සටන අතැර දැම්මා. එම තරගය අතරතුර ඇය බයිඩන්ව තදින් විවේචනය කළේ ජනවර්ග අතර සබඳතා පිළිබඳ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ප්‍රශ්න කරමින්.