එජාපයේ සුපිරිසිදු අවංක අයට සමගි ජන බලවේගය සමඟ එකතු විය හැකියි – රංජිත් මද්දුමබණ්ඩාර

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා සමඟි ජන බලවේගය හැටියට තරඟ කරන බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුපිරිසිදු අවංක දේශපාලනයක් කරන අයටත් තම පක්ෂය සමඟ එකතු විය හැති බවත් සමඟි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසයි.


ඔහු මාධ්‍ය හමුවකට එක් වෙමින් තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සැකසී අවසන් බවය.හවුල්කාර පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය ලැබී ඇත්දැයි මාධ්‍ය කරන ලද විමසීකට පිළිතුරු දුන් ඔහු පෙන්වා දුන්නේ නම් යෝජිත නම් ලැයිස්තුවේ 29 අතරින් හත් දෙනෙකුට පමණක් අවස්ථාව ලැබෙන බවය.ඒ සම්බන්ධයෙන් තත්ත්වය තේරුම් ගෙන පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ ඇති බව පෙන්වා දුන් රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ මහා ලේකම්වරයා ලෙස තමන්ගේ නම එම ලැයිස්තුවට ඇතුළත් බව ද පැවසීය.

Recommended For You

About the Author: Editor