ඉන්දීය සම්භවයක් ඇති කමලාට ඇමෙරිකාවේ උප ජනාධිපතිකම?

ඉන්දීය සහ ජැමෙයිකානු මිශ්‍ර සම්බවයක් ඇති කමලා හැරිස් මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්ට්‍රික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපතිණිය ලෙස කටයුතු කිරීමට නියමිතය.ඒ අනුව අමෙරිකානු උප ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස නම් කෙරුණු පළමු කළු ජාතික හා ආසියානු සම්භවයක් ඇති කාන්තාව බවට කමලා හැරිස් පත් වන්නේය.


මීට පෙර අවස්ථා දෙකකදී පමණක් කාන්තාවන් උප ජනාධිපති අපේක්ෂකත්වයට නම් කර ඇත.ඒ ඒ 1984 දී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ ජෙරල්ඩීන් ෆෙරාරෝ සහ 2008 රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ සාරා පාලින් ය.
55 හැවිරිදි කැලිෆෝනියා ප්‍රාන්තයේ සෙනෙට් සභික කමලා හැරිස් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරිය ද වේ. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ද ඉදිරිපත්ව සිට පසුව ජනපති සටනින් ඉවත් වූ ඇය,එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් හඳුන්වන්නේ නීර්භීත සටන්කරුවෙක් සහ රටේ හොඳම රාජ්‍ය සේවිකාවක් හැටියටය.ඇමෙරිකානු ජනාධිපතිවරණය එලඹෙන නොවැම්බර් 3 වන දා පැවැත්වීමට නියමිතය.

Recommended For You

About the Author: Editor