එජාප නායකත්ව යෝජනා පැටව් ගසයි

එජාප නායකත්වය සඳහා මීට පෙර යෝජනා වී තිබූ නම්වලට අමතරව නවීන් දිසානායක,රුවන් විජේවර්ධන සහ රංගෙ බණ්ඩාරගේ නම් ද එකතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.


රනිල් වික්‍රමසිංහ එක්ස් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු එම තනතුරට තමාගේත්,වජිර අබේවර්ධනගේත්,රවී කරුණානායකගේත්.දයා ගමගේගේත් නම් යෝජනා වී තිබූ බව මෙන්ම එම තීරණය ඊයේ (අගෝස්තු 12) ලබා දිය හැකි බවත් පැවසූ අකිල විරාජ් කාරියවසම් ඊයේ පැවසුවේ එම තීන්දුව ලබා ගැනීම තව දුරටත් කල් ගිය බවය.
අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය අමතමින් මේ බව පැවසුවේ ඊයේ රනිල් වික්‍රමසිංහයන්ගේ කොල්ලුපිටිය නිවසේදී එජප ප්‍රබලයන් එකව පැවති සාකච්ඡාව නායකත්වය පිළිබඳ තීරණයකින් තොරව නිමා වූ අවස්ථාවේදීය.

Recommended For You

About the Author: Editor