
ජනාධිපති නීතිඥ අලි සබ්රි, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන, ශෂින්ද්‍ර රාජපක්ෂ සහ ජීවන් තොණ්ඩමන් යන නවක මන්ත්‍රීවරුන්ට නව රජයේ කැබිනට් අමාත්‍ය ධූර දහ රාජ්‍ය අමාත්‍ය ධූර හිමි විය.ඒ අතරින් අලි සබ්රි ට පමණක් කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වූ අතර සෙසු හය දෙනාට රාජ්‍ය අමාත්‍ය ධූර හිමි විය.මොවුන් පළමුවරට පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර දරන්නන් ලෙස වීම සුවිශේෂි කරුණකි.
අමාත්‍යවරුන් පත් කිරීමට පෙර අමාත්‍යංශ විෂය පථ ගැසට් කිරිම මෙවර දැක ගන්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණයක් විය.එහිදී කැබිනට් අමාත්‍යංශ 28 ක් නම් කළ ද කැබිනට් අමාත්‍යංශ තුනකම වගකීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිරිනැමුණු පසු නව කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රමානය 26 ක් විය.රාජ්‍ය අමාත්‍යංශ 40 ක් ගැසට් නිවේදනයේ දකින්නට තිබුණත් පිරිනැමුණේ රාජ්‍ය අමාත්‍ය ධූර 39 ක් පමණි.ඉතිරි වූ රාජ්‍ය අමාත්‍ය ධූරය සිවනේෂදුරෙයි චන්ද්‍රකාන්ත් වෙත පිිනැමීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.