රුසියාවෙන් දිගුදුර ගමන් කළහැකි ඩ්‍රෝනයක් (Video)


රුසියාව විසින් දිගුදුර ගමන් කළ හැකි ඩ්‍රෝනයක් අත්හදා බලා තිබෙනවා.
BRAERON ලෙස නම් කර ඇති එම ඩ්‍රෝනයට කිලෝග්‍රෑම් 200 ක් බර රැගෙන කිලෝමීටර් 300 ක් ගමන් කළ හැකි බවයි සඳහන් වන්නේ.
ඛනිජ තෙල් කර්මාන්තයේදී ඈතින් පිහිටි තෙල් ළිං කරා ද, පිටිසර ප්‍රදේශ කරා ද භාණ්ඩ ප්‍රවාහනයට මෙය භාවිතා කරගත හැකි බව BRAERON ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ දිමිත්‍රි ආර්සන්තියේෆ් පවසනවා.


මෙම ඩ්‍රෝනයට පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හතලිහේ සිට ඍණ හතලිහක අතර පරාසයක හානියක් නොමැතිව පියාසර කළ හැකි බව පවසනු ලබනවා. මීටර පහක් දිග මෙම ඩ්‍රෝනයට බලය ලැබෙන්නේ පෙට්‍රල් අභ්‍යන්තර දහන එන්ජිමකින්.
https://youtu.be/DLBR88M0oTk

Recommended For You

About the Author: Editor