
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේදී විජේදාස රාජපක්ෂ වෙත කිසිදු අමාත්‍ය තනතුරක් නොලැබීම පිළිබඳ යම් කතාබහක් ඇති විය.
ඔහුව යම් කිසි අයුරකින් නොසලකා හැර ඇතැයි යන කසුකුසුවක් ද මේ අතර පැතිර ගියේ ය.
එහෙත් දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ ඔහු අමාත්‍ය ධුරයක් නොමැතිව වුවද සේවය කිරීමට කැමැත්ත පළ කළ බව ය.
මේ අනුව අභිනව පාර්ලිමේන්තුවේ COPE කමිටු සභාපති ධුරයට ඔහුව යෝජනා කිරීමේ ඉඩක් පවතින බව වාර්තා වේ.
ඔහු මීට පෙර ද එම ධුරයෙහි කටයුතු කර තිබේ.
පසුගිය පාර්ලිමේන්තුවේ COPE කමිටු සභාපතිවරයා වූයේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ය.