හෙරොන් කහ ගන්න ගිය අයත් ගෙනා අයත් කොටු වේ


ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝග්‍රෑම් 6381 සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ. හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුර දී අත් අඩංගුවට පත් වී ඇති මෙම කහ තොගය කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව විෂබීජහරණය කර ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.


සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, මෙම ජාවාරමට සම්බන්ධ ගැණුම්කරුවන් ලෙස සැකකෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු ද නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලීසිය එක්ව හලාවත නගරයේ දී කුඩා වෑන් රථයක් සහ මුදලින් රුපියල් 2,242,500ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර වසය අවුරුදු 27 – 66 අතරේ පසුවන මුහුදේදි අත් අඩංගුවට ගත් සැකකරුවන් මෙන්ම එම පවුල්වල ඥාතීන්ද නිරෝධායනය සදහා යොමු කර තිබේ.ඒ ඔවුන් ඉන්දියානු ජාවාරම්කරුවන් සමග මුහුදේ දී ස‌බඳතා පැවැත් වූ බවට සැකකරන බැවිනි.

Recommended For You

About the Author: Editor