අද උදේ මැද පෙරදිග සිටි 299 ක් ලංකාවට

එකසත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 289 දෙනෙක් සහ කටාර් හී සිටි දස දෙනෙක් අද (අගෝස්තු 13) අළුයම කාලයේ ලංකාවට පැමිණ තිබෙනවා.ඒ අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි 289 ක පිරිස අළුයම 5.30 ට පමණ මත්තල ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්- 226 ගුවන් යානයෙනි.


කටාර් හී සිට පැමිණ 15 ක පිරිස අතරින් පස් දෙනෙක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි සහ ප්‍රංශ තානාපති කාරියාලවල සේවය කරන විදේශිකයන් වන අතර ලාංකිකයන් සිටියේ දස දෙනෙක් පමණි.ඔවුන් අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.මේ සියලු දෙනාම මේ වන විට පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා

Recommended For You

About the Author: Editor