ශකීබ් තහනමෙන් පසු පළමුවරට ලංකාවේදී පිටියට

වසරක ක්‍රිකට් තහනමකට ලක් ව සිටි බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී නැවත ටෙස්ට් පිටියට පැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කරනවා.


බංගලාදේශය ටෙස්ට් තරඟ තුනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්,එහි පළමු ටෙස්ට් තරඟය ඔක්තෝම්බර් 24 පැවත්වෙනු ඇති බවත් වාර්තා වෙනවා.ඒ අනුව පළමු ටෙස්ට් තරඟය ඔක්තෝම්බර් 24 ආරම්භවන්නේනම් ශකීබ් අල් හසන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති අතර ඔහුගේ තහනම ඉවත් වන්නට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 29 වන දිනයි.නමුත් පවතින නිරෝධායන නීතිවලට අවනතව ඔහුටත් පළමු ටෙස්ට් තරඟයට සහභාගි නොවුණද කණ්ඩායම සමඟ ලංකාවට පැමිණ නිරෝධායන කාලය ගත් කරන්නට සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

Recommended For You

About the Author: Editor