“සාමකාමී මැතිවරණයක් උදෙසා” වැනි වැඩසටහන් පශ්චාත් මැතිවරණය සමාකාමී වීමට බලපාන්න ඇති – කැෆේ

කැෆේ සංවිධානය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ “සාමකාමී මැතිවරණයක් උදෙසා…” යන වැඩසටහන ආදී වැඩසටහන් කළ දැනුවත් කිරීම් ද පශ්චාත් මැතිවරණ සමය සාමාකාමී වන්නට බලපාන්නට ඇති බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කැෆේ සංවිධානය මැතිවරණ දිස්ත්‍රික්ක 26 ම ආවරණය වන ආකාරයට “සාමකාමී මැතිවරණයක් උදෙසා..” වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එම වැඩසටහන සදහා සර්වාගමික නායකයින් ,සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් ජන ප්‍රජාව සහභාගි කරවා ගැනුණ අතර “සාමකාමී මැතිවරණයක් සඳහා …” පෙළගැසෙන ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ද පැවැත්වුණ බව මෙහිදී

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දෙයි.
මැතිවරණයෙන් පසු ගෙවුන සතිය පුරා, කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් පමණක් ලැබී ඇති බවත්,ඒවා එතරම් බරපතල සිදුවීම් නොවන බවත් පෙන්වා දෙන කැෆේ විධායක අධ්‍යක්ෂවරයා මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නිති විරෝධී ලෙස රථ පෙළපාලිවල නිරත ආදී කරුණු ගැන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

Recommended For You

About the Author: Editor