
නවගමුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් තියුණු ආයුධවලින් කපා බියවද්දා කප්පම් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යයව සිටි, ඝාතනයට ලක්වු පාතාල කල්ලි සාමාජිකයෙක් වන “සමයන්ගේ“ ගෝලයින් බවට හඳුනාගෙන ඇති,සිව්දෙනෙකු නවගමුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
වදුරම්මුල්ල, කැලෑබද ප්‍රදේශයක පාළු නිවසක සැඟවී සිටිය දී නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ මත්කුඩු ග්‍රෑම් 2ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.වැඩිදුර විමර්ශන නවගමුව පොලිසිය විසින් මෙහෙයවනු ලැබේ.