
රවීණ ජනමාධ්‍යවේදී සහ ලේඛක බොබ් වුඩ්වර්ඩ්ගේ නවතම කෘතිය වන “Rage” මගින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර ලියුම් ගනුදෙනු පිළිබඳ මෙතෙක් හෙලි නොවූ කරුණු රැසක් විස්තර කෙරෙන බව වාර්තා වනවා.
එම නායකයින් දෙදෙනා අතර ලිපි 25 ක් පමණ හුවමාරු වී තිබෙනවා.
වුඩ්වර්ඩ් මුලින්ම ලෝ පතල වූයේ 1970 දශකයේදී වොෂිංටන් පෝස්ට් පුවත්පතෙහි සේවය කරන සමයේ කාර්ල් බර්න්ස්ටයින් හා එක්ව “වෝටර්ගේට්” සිද්ධිය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසුයි. එම වාර්තා කිරීම ජනාධිපති රිචර්ඩ් නික්සන් ධුරයෙන් ඉල්ලා අස්වීමට ද හේතු වුණා.
වුඩ්වර්ඩ් 2018 දී ට්‍රම්ප් පරිපාලනය පිළිබඳ “Fear” නම් කෘතියක් පළ කළා. ඒ සඳහා ඔහු ට්‍රම්ප් සමග සම්මුඛ සාකච්ඡාවක් කළේ නැහැ. ට්‍රම්ප් එම කෘතිය ප්‍රබන්ධයක් බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙවර කෘතියට පෙර වුඩ්වර්ඩ් සහ ට්‍රම්ප් මුණගැසී තිබෙන අතර ට්‍රම්ප් වුඩ්වර්ඩ්ව හොඳ ලේඛකයකු ලෙස ප්‍රශංසාවට ද ලක් කර තිබුණා