
ඇමරිකාව විසින් සිය ගුවන් හමුදාවට අයත් B2 බෝම්බ හෙලන යානා තුනක් ඉන්දියන් සාගරයේ දියේගෝ ගාර්සියා දිවයින වෙත එවා තිබෙනවා.
පැසිෆික් ගුවන් අණදෙන මූලස්ථානය පවසන්නේ මිසූරි ප්‍රාන්තයේ සිට මෙම යානා තුන පැය 29 ක පියාසැරියකින් පසු දියේගෝ ගාර්සියා වෙත පැමිණි බවයි.
මෙම යානා එවා ඇත්තේ චීන මහජන විමුක්ති හමුදාව තායිවානයෙන් කිලෝමීටර් 550 ක් උතුරින් පිහිටි චෞෂාන් කොදෙව්වල යුධ අභ්‍යාස සිදු කිරීමට සූදානම් වන පරිසරයකයි.
මෙම යුධ අභ්‍යාස අගෝස්තු 16-17 දිනවල පවත්වන බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු සෞඛ්‍ය සහ මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් නොබෝදා තායිවානයේ කළ සංචාරයත් සමග චීන-ඇමරිකන් මතභේද තවත් උත්සන්න වී තිබෙනවා.