
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමු වරට යාපනය මැතිවරණය කොට්ඨාශයෙන් දෙමළ ජනතා ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ සි.වි.විග්නේශ්වරන් මුලතිව්,මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති සැමරුම් ස්මාරකය අභියසදි සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත.ඒ අගෝස්තු 13 වන දින ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සූරේෂ් ප්‍රේමචන්ද්‍ර ,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් සහ දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ද එක්කර ගනිමින්ය.
යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් මුලතිව්,මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ස්ථාපිත සැමරුම් ස්මාරකය වෙත පහන් දල්වා,මල් පුදා පැවත් වූ මෙම සැමරුම සම්බන්ධයෙන් දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයින් පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට පෙර යුද්ධයෙන් මියගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් විග්නේශ්වරන් මහතා ඊට එක්වු බවයි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ විග්නේෂ්වරන් සමඟ ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සූරේෂ් ප්‍රේමචන්ද්‍ර ,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් යන අය සමරු ස්මාරකයට උපහාර දැක් වූ අයුරුයි.