මුහුදේ පාවුනු කේරළ ගංජා කි‍ලෝ 275 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදා නිළධාරීන් යාපනය පේදුරුතුඩුව සාගර කලාපයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ජාවාරම්කරුවන් මුහුදේ දමා ගිය, පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්රැම් 275 ක් සොයා ගෙන ඇත.එම කේරළ ගංජා තොගය පාර්සල් 6 ක බහා ලා තිබී ඇත.


මෙම කේරළ ගංජා තොගය දකුණු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරට සාගර කලාපයට ගෙනවිත් ජාවාරම්කරුවන්ට ලබා ගැනීම සඳහා මෙලෙස දමා යන්නට ඇති බවට නාවික හමුදා නිළධාරීන් සැක පළ කරති.
කේරළ ගංජා ජාවාරමේ නිරත ඉන්දියානු හා මෙරට ජාවාරම්කරුවන් ඒ සඳහා උතුරු සාගර කලාපය යොදා ගන්නා බව උතුරේ ආරක්ෂක අංශ ආරචි මාර්ග පෙන්වා දෙන අතර එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ,සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුතු වන බවය.
නාවික හමුදාව විසින් සොයාගත් කේරළ ගංජා තොගය පේදුරුතුඩුව පොලිසිය වෙත භාරදි ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ එම ගංජා තොගය පාවෙමින් තිබුණු අයුරුය.

Recommended For You

About the Author: Editor