
ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ එකඟතාවක් ඇතිවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම එකඟතාවට එළඹුණේ බටහිර ඉවුරේ ඇතැම් ප්‍රදේශ ඈඳා ගැනීමට වන සැලසුම් අත් හිටුවීම සඳහා ඊශ්‍රායලය කැමැත්ත පළ කිරීම සමග බව ට්‍රම්ප් කියා සිටිනවා.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ මේ එකඟතාව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එ.අ.එ. හි අබුඩාබි හි කිරුළ හිමි ශෙයික් මොහොමඩ් බින් සයෙද් කුමරු හා තමා අතර ඇති කරගනු ලැබුණ බවයි ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ.
මේ අනුව එ.අ.එ. රාජ්‍යය ඊශ්‍රායලය සමග තානාපති සබඳතා ස්ථාපිත කළ තුන්වන අරාබි රාජ්‍යය වනු ඇති. මීට පෙර 1979 දී ඊජිප්තුව ද 1994 දී ජෝර්දානය ද එම පියවර ගත්තා.