
අපේ ජනබල පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු රන්දික අතුකෝරල ඊයේ (අගෝස්තු 13) සිට උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත්තේ එම පක්ෂයට හිමි මන්ත්‍රී ධූරය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දෙන ලෙස ඉල්ලමින්ය.
එම උද්ඝෝෂණය අතර තුර ඔහු විසින් ගීත ගායනයක්ද සිදු කරමින් වෙනස් ආකාරයේ වින්දනයක්ද ජනතාවට ලබා දීම විශේෂත්වයකි.
වෙනස් හැඩයක් ගත් මෙම උද්ඝෝෂණය අතරතුර “රතන හාමුදුරුවනේ, ඥානසාර හිමියනේ, සමන් පෙරේරා මැතිතුමනි හැංගිලා ඉන්න මහා ආනන්තරීය පාප කර්මයකට අතගහලා ඉන්න වේදිනිගම විමලතිස්ස හිමියනේ එන්න එළියට එන්න ඇවිත් මේ ගැටලුව විසඳගන්න“ යනුවෙන් අපේ ජනබල පක්ෂයේ ප්‍රධානීන්ට ද ඔහු ඇති වී තිබෙන ගැටළුව විසඳන්නට මැදිහත් වෙන්නයි සාමකාමී බලපෑමක් ද ඇති කළේය.