
කුරුණෑගල රාජධානි සමයේ බුවනෙක රජුගේ රාජසභා මණ්ඩපය බව සැලකෙන ගොඩනැගිල්ලේ කොටසක් කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව පැවරූ නඩුව වෙනුවෙන් නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ශ 44 ක මුදලක් නගර සභාවෙන් ලබා ගැනීමට සූදානම් වන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න චෝදනා කෙරුවේය.
කෙසේ වුව ඊයේ කැදවා තිබූ නගර සභා රැස්වීම නගරාධිපතිවරයාගේ ප්‍රමාදය හේතුවෙන් නොපැවත්වුණු අතර ඔහු පැමිණෙන විට එයට සහභාගි වූ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රමාදය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර පිටව ගොස් තිබිණිරැස්වීම කැදවා තිබූ අවස්ථාවේ නගරාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් එහි පිළිගැනීමේ කතාවද පැවත් වූ බව වාර්තා වේ.