මේව කබ්බ ඇමතිකම් – ඇමති මණ්ඩලය පත් කිරීම ගැන හරීන් කියයි

රජයේ නව ඇමතිකම් පත් කර ඇති අකාරය අපහාසාත්මක විදිහට සිදු කර ඇති බවත්,ඒ ලබා දී ඇති ඇමතිකම් කබ්බ ඇමතිකම් බවත් සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය.ඔහු සමඟි ජනබලවේගය කැදවා තිබූ මාධ්‍ය හමුවකදි මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ අදහස් දැක් වීය.


ජනතාව ලබා දුන් ජනවරමක් නිසා මේ ආකාරයට නිහඬව සිටින බව කී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහෙත් තව මාසයකින් පමණ හොඳ හොඳ සෙල්ලම් හෙළිකරන බව කීවේය.
මුදල් පාලනය කරන්නේ මහින්ද ආරක්ෂාව පාලන කරන්නේ ගෝඨාභය, තරුණ හා ක්‍රීඩා පාලන කරන්නේ නාමල්, මුදල් වියදම් කරන්නේ බැසිල්, කෘෂිකර්මාන්තයට වතුර යවන්නේ චමල් යැයි පැවසු හරීන් ප්‍රනාන්දු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,ගෝඨාභය විශ්වාස කරගෙන ඡන්දය දීපු අයට පළමු කණේ පහර වැදී ඇති බවය.

Recommended For You

About the Author: Editor