
ලංකාවේ පැවත්වීමට නියමිත එල්පීඑල් තරඟාවලිය නිරෝධායන නීති සැළකිල්ලට ගෙන නොවැම්බර් මස දක්වා කල් දැම්මට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මෙරටට පැමිණෙන ක්‍රීඩකයන්ට දින 14 ක කාලයක් නිරෝධායනය අනිවාර්ය විම නිසා තරගාවලිය කල් දමන්නට වූ බවය.
නමුත් මේ තත්ත්වය අයිපීඑල් තරඟාවලිය සහ එල්පීඑල් තරඟාවලිය යන තරඟාවලි දෙකම නියෝජනය කරන්නන්ට යම් ගැටළුවක් ඇති කළ හැකි තත්ත්වයක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති