
ඊශ්‍රායලය පිටපිටම තුන්වන රාත්‍රියටත් ඊයේ රාත්‍රී කාලයේ ගාසා තීරයේ හමාස් සංවිධානයේ ඉලක්ක වෙත පහර දුන්නා.
ඊශ්‍රායල සන්නද්ධ හමුදා කියා සිටියේ ගුවන් යානා, හෙලිකොප්ටර්, යුධ ටැංකි සහ කාලතුවක්කු ද යොදාගෙන ප්‍රහාර එල්ල කෙරුණ බවයි. හමාස් ගුවන් ආරක්ෂණ පව්ධති හා භූගත කඳවුරු ද මෙහිදී ඉලක්ක කළ බව ඔවුන් කියා සිටියා.
ගාසා තීරයේ සිට එවන ලද පුපුරන ද්‍රව්‍ය පිරවූ බැලූන විසින් එල්ල වූ ප්‍රහාරයකට පිළිතුරු ලෙසයි ඊශ්‍රායලය මෙම මෙහෙයුම් දියත් කරන්නේ. ඊශ්‍රායලය පවසා සිටින්නේ තමන්ගේ පාලන ප්‍රදේශයන්ට එල්ල වන ත්‍රස්ත ප්‍රහාර ඔවුන් විසින් ඉතා බැරෑරුම් ලෙස සලකන බවයි.