
චීනය සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා පිළිබඳ ඇමරිකාව සෑහීමට පත්වන නමුත් චීනයේ දේශපාලනික ප්‍රතිපත්තීන් තවමත් ප්‍රශ්න ඇතිකරන බව ධවල මන්දිර උපදේශය ලැරී කුඩ්ලෝ පවසනවා.
දෙරට අතර කලක් තිස්සේ පැවති තීරුබදු යුද්ධයකින් පසු ජනවාරියේදී වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරුණා. කෙසේ වෙතත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් එහි කොන්දේසි සපුරාලීම ගැටළුවක් බවට පත් වුණා.
කුඩ්ලෝ පෙන්වා දෙන්නේ ගිවිසුමෙහි සියළු කොන්දේසි සැපිරීම පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. බුද්ධිමය දේපළ, තාක්ෂණික දැනුම සොරාගැනීම ආදී කාරණා පිළිබඳ තවමත් චීනය කෙතරම් කටයුතු කර ඇතිදැයි විමසිය යුතුව තිබෙන බවයි ඔහු කියා සිටියේ. එහෙත් දැනට ධවල මන්දිරයට ඇති බරපතලම ගැටළුව වන්නේ චීනයේ දේශපාලන ක්‍රියාකාරකම් බව ඔහු කියා සිටිනවා