
රුසියානු ගුවන් හමුදාවේ L-39 පුහුණු ගුවන් යානයක් එරට දකුණුදිග පිහිටි ක්‍රස්නොදාර් ප්‍රදේශයේදී කඩාවැටී ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.
පුහුණුවීම් පියාසැරියක් අතරතුර සිදුවූ මෙම අනතුරෙන් කිසිවකුටවත් ජීවිත හානි සිදුව නැහැ. නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් පැන දිවි ගලවාගෙන ඇති අතර යානය වැටී ඇත්තේ ජනශුන්‍ය පෙදෙසකටයි.
මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට හැකි වී නැති බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසා සිටින්නේ. මෙවැනිම ගුවන් යානයක් ක්‍රස්නොදාර් ප්‍රදේශයේදීම 2018 දී ද කඩාවැටී තිබෙන බව මාධ්‍ය වාර්තා සඳහන් කළා.