
යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්රහාර දෙකක් වළක්වා ගත් බව සෞදි අරාබිය පවසනවා. හූති කැරලිකරුවන්ට එරෙහි සන්ධානයේ ප්රකාශක කර්නල් තුර්කි අල්-මලිකි කියා සිටියේ මෙම ප්රහාර ඛාමිස් මුශායිට් නගරය දෙසට එල්ල කෙරුණ බවයි.
හූති කැරලිකරුවන් දිගින් දිගටම සිවිල් වැසියන් ඉලක්ක කරන බව අල්-මලිකි චෝදනා කළා.යේමනයේ උතුරුදිග ප්රදේශ පාලනය කරන හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ප්රමුඛ සන්ධානයක් 2015 සිට යුධ වදිනවා.