
වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 14) රාත්‍රියේ යතුරු පැදියක ගැටුණු 57 හැවිරිදි කාන්තාවක් මිය ගියා.මාර්ගය හරහා මාරු වීමට යාමේදි මෙසේ අනතුරට මුහුණ දුන් කාන්තාව වැල්ලවාය,වීරසේකරගම පදිංචි 57 හැවිරිදි බලපිටිය ලියනගේ තිලකාවති නැමැත්තියක බව හඳුනාගෙන තිබෙනවා.
ඇය අනතුරට පත් කළ යතුරු පැදිය ධාවනය කළ තැනත්තාද අනතුරින් පසු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.