ජාවාලේන්,මොරගස්මුල්ල සහ නිව් යන්ග් ජය ලබති

සභාපති කුසලාන තරඟාවලියේ ඊයේ (අගෝස්තු 13) පැවති තරගාවලියේ ඊයේ පැවති තරගවලදී ජය වාර්තා කරන්නට ජාවාලේන්,මොරගස්මුල්ල සහ නිව් යන්ග් කණ්ඩායම් සමත් විය.
මෙහිදී ජාවාලේන් කණ්ඩායම බ්ලූ ස්ටාර් කණඩායම පරාජය කරමින් 3- 0 ක ජයක් වාර්තා කිරීමට සමත් විය.එහිදී ජයග්‍රාහී ජාවාලේන් කණ්ඩායම වෙනුවෙන් ඒ නජබ්දීන්,නාලක සහ එන්.ජූඩ් ගෝල වාර්තා කරන්නට සමත් විය.
මෙරගස්මුල්ල කණ්ඩායම ජයග්‍රහණය කළ ලෙස අප් කන්ට්‍රි කණ්ඩායම ‍පරායට පත් කරමින්ය.ඊ ප්‍රසාද,ඩී.මධුශංක සහ එච් ප්‍රියංකර ගෝල වාර්තා කරන්නට සමත් විය.
ඊයේ පැවති තරඟවලදී නිව් යන්ග් කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වන්නට රිනවුන් කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගත්ත ද අවසානයේ නිව් යන්ග් කණ්ඩායම ගෝල 3 – 2 ලෙස ජය අත් කර ගත්තේය.ටී.ධනුෂ්ක,එස්.හිරුණ සහ මධුශංක නිව් යන්ග් කන්ඩායමට ගෝල රැස් කර දුන් අතර රිනවුන් පිල වෙනුවෙන් ගෝල දෙක ලබා ගත්තේ ජේ.සුමන් සහ එම් නිතර්ශන් ය.
තීරණයක් නොමැතිව අවසන් වූ එකම තරඟය වූයේ නිව් ස්ටාර් සහ මාතර සිටි කන්ඩායම් අතර තරඟය ය.එහිදී දෙපිළටම ගෝල ලබා ගැනීමට නොහැකි විය

Recommended For You

About the Author: Editor