නව රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමති පදවි ලැබූ තවත් පිරිසක් අද (අගෝස්තු 14) සිය අමාත්‍යංශවලදි වැඩ ආරම්භ කළා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔවුන් සියලු දෙනාටම සඳුදාට පෙර සිය අමාත්‍යංශවල වැඩ ආරම්භ කරන ලෙස ලබා දි තිබුණු උපදෙස් අනුවයි.
සී.බී.රත්නායක -වනජීවි හා වනසංරක්ෂණ, මහින්ද අමරවීර – පරිසර,රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික, ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා සහ පළාත් පාලන,මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම,ගාමිණී ලොකුගේ – ප්‍රවාහන,යන අය අද වැඩ භාර ගන්නා ලද කැබිනට් අමාත්‍යවරුන් වෙනවා.
රියල් අද්මිරාල් සරත් වීරසේකර -පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය,සීතා අරඹෙපොල -පුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්, ජීවන් කොණ්ඩමන් – වතුනිවාස හා ප්‍රජා යටිතල පහසුකම්, විජිත බේරුගොඩ – දහම්පාසැල් , භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල,අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ,එස්.වියලේන්ද්‍රන් -තැපැල් සේවා හා ජනමාධ්‍යෙව් දී වෘත්තීය සංවර්ධන,අරුන්දික ප්‍රනාන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ,නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්,ජානක වක්කුඹුර – උක් , බඩඉරිගු , කජු , ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන,ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන,මහාචාර්ය චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන සහ ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ යන රාජ්‍ය අමාත්‍යවරු ද අද සිය අමාත්‍යංහවලදී වැඩ ආරම්භ කළා.