

අද (අගොස්තු 14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය මහතා ප්‍රකාශ කර සිටියේ බන්ධනාගාරයක් තුළ යම් අකටයුත්තක් සිදුවේ නම් 011-2678600 යන දුරකතන අංකයට දැණුම් දෙන ලෙසය.එසේම පිළිබඳ තොරතුරු, නම ගම සඳහන් කිරීමකින් තොරව ලබාදීමේ හැකියාවක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සහ මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු මේ වන විට ස්ථාන මාරු කිරීමට ඉකුත් දෙමස තුළ පියවර ගත් බව තව දුරටත් කරුණු පෙන්වා දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසීය.
එහිදී ඔහු තව දුරටත් අනාවරණය කළේ වැඩ තහනමට ලක් වූ නිලධාරීන්,මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කළ අය බවය.ඒ අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් ද සිටින බවත් කොමසාරිස් ජෙනරාල්වරයා අනාවරණය කළේය.
එසේම පරිපාලනයට සහයෝගය නොදෙන සහ සිරකරුවන් සමඟ යම් අනිසි සබඳතා පවත්වන බවට ලද තොරතුරු ද සළකා මිගමුව බන්ධනාගරයේ නිලධාරීන් 9 ක් සහ බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 ක් ස්ථාන මාරු කළ බවත් මෙහිදි කොමසාරිස් ජෙනරාල්වරයා තව දුරටත් අනාවරණය කළේය