මැටි ඇමතිකම හරිම කෙනාට දුන්නට ජනාධිපතිතුමාට ස්තූතියි – මරික්කාර් පවසයි

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් නව ඇමති මණ්ඩලයේ මැටි ඇමතිකම හරිම පුද්ගලයාට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වෙන බව කීවේය.වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු රා පෙරන්න ඕන කොනාට තල් ඇමතිකම දී ඇති බව ද කීවේය.
එජාපය සමඟ හවුල් ආණ්ඩුවේ සිටි,එම රජයේ කෘෂිකර්ම ඇමතිකම දැරූ දුමින්ද දිසානායක,බලශක්ති ඇමතිකම දැරූ චන්දිම වීරක්කොඩි වැන්නන්ට අත් කර දි ඇති ඉරණම පෙන්වා දුන් මරික්කාර් මන්ත්‍රීවරයා එස්.බී.දිසානායක මහතාට ලැබී ඇති දිස්ත්‍රික් සමබන්ධිකරණ තනතුර සම්බන්ධයෙන් හාස්‍යය මතු කරමින් පැවසුවේ ඊට කියන්නට ඇත්තේ “ඕක දීපං ළමයෙක්ට” යනුවෙන් බවය.


Recommended For You

About the Author: Editor